පවුල

මානව සමාජයේ තිබෙන වැදගත්ම ප්‍රාථමික ඒකකය පවුලයි. family යන පදය ඉංග්‍රීසි භාෂාවට එක්වී ඇත්තේ familiaයන ලතින් පදය ඇසුරෙනි.රෝම සමාජයේ familia පදයෙන් හඳුන්වා ඇත්තේ සරළ ඥාති සමූහයක් යන්නයි.වර්තමානයේ පවුල යනුවෙන් අදහස් කරන්නේ කුඩා ගෘහස්ථ ඒකකයක් ය. නමුත් ලෝකයේ තිබෙන සියලුම ආකාරයේ පවුල් කුඩා ගෘහස්ථ ඒකකයක් ලෙස හැඳින්විය නොහැකිය.මේ අනුව පවුල නිර්වචනය කිරීම ඉතාම දුෂ්කර කාර්යයකි.මෙයට ප්‍රධාන හේතු දෙකකි.

පවුල ඉතාම පුළුල් පරාසයක විසිරී තිබීම
කාලය අනුව පවුලේ සිදුවී ඇති වෙනස්කම් නිසා එහි විෂය සීමාව පුළුල් වීම
පවුල යන ඒකකයට අඩංගු විය යුතු කාරණා 03ක් Levi-strauss(1956) සඳහන් කරයි.

01.පවුල විවාහය තුළින් ගොඩනැගිය යුතුය.

02.මෙම ඒකකයට සැමියා,බිරිඳ,ඔවුන්ගේ දරුවන් හෝ දරුකමට හදාගත් දරුවන් හෝ සමීප ඥාතීන් ඇතුළත් වීම

03.එකී සාමාජිකයන් අතර නීත්‍යානුකූලව එකට බැඳීම(සමාජය පිළිගන්නා ආකාරයට එකට බැඳීම)

කවර හෝ සමාජයක් පිළිබඳව සළකා බැලීමෙහිලා මිනිස් පවුල සමාජ සංස්ථාවන් අතර ඉතාම වැදගත්වුත් මූලිකවුත් සංස්ථාවක් ලෙස සලකනු ලැබිය යුත්තකි.

Comments

Popular posts from this blog

අන්තර්ජාලයේ වාසි, අන්තර්ජාලයේ අවාසි

ක්‍රිස්තු පූර්ව 5000ටත් එහා ඇදෙන අසභ්‍ය රූ කලාවේ ඉතිහාසය