ක්‍රිස්තු පූර්ව 5000ටත් එහා ඇදෙන අසභ්‍ය රූ කලාවේ ඉතිහාසය

ලිංගික සංසර්ග ක්‍රියාවන් නැරඹීම ලැජ්ජාවට කාරණාවක් ලෙස අද කාලයේ සඳහන් වෙනවා. ඒත් එදා රජ කාලෙයේදී සිටු මැතිවරුන් කිසි අවුලක් නැතුව ලිංගික ක්‍රියා නරඹලා තියෙනවා කියලා අතීතය බැලූවිට පේනවා. එකල ලිංගිකව හැසිරීමට මෙන්ම ඒ ලිංගික ක්‍රියාවන් නැරඹීමට සහ නැවත නැවත දැකීමට ද මිනිස්සු වඩාත් ආසා කළ බව පුරාවිද්‍යාත්මක සාධක අනුව පෙනීයනවා. ඒ පුරාණ කාලේ කාම දර්ශන තිබුන තැන් කිහිපයක් ගැන අපි ටිකක් සොයා බලමු. 1. විලන්ඩ්රොබ් හි කුමරිය ඔස්ට්‍රියාවේ ඩැනුයුබ් නදියේ ඉවුරේ සැරිසැරූ දඩයක්කාරයෙකුට අඟල් 4.5ක් උසැති කාන්තා නිරූපණයක් හමු වුනා. එය පසුව කරන ලද පර්යේෂණ වලදී වසර 25,000 කට වඩා පැරණි නිර්මාණයක් බව සොයාගත්තා. විශාල තන් සහිත කාන්තාවක් නිරූපණය කර තිබූ එය අඟල් හතරහමාරක් උස නිරුවත් රුවක් ලෙස දකින්නට තියෙනවා. පියයුරු සහ කඳ බඩ විශාලත්වය අනුව මැදිවියේ මහත කාන්තාවක් ලෙස පෙනෙන මෙම පිළිමය ගැන විවිධ මතවාද පුරාවිද්‍යාඥයින් අතර තියෙනවා. 2. වසර 7,200කට එපිට ජර්මනියෙන් ගල් යුගයේදී පවා මිනිසා ලිංගික චර්යාවන් නැවත නැරඹීමට කැමැත්තක් දැක්වූ බව ලොව වටා තැන් තැන්වල හමු වී ඇති පුරාණ චිත්‍ර ආදිය හැදැරීමෙන් පේ...